පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම
මගේ ෆේස්බුක් මිතුරියක් වන Thushara Maduwanthi අක්කාගේ ආදරණීය දියණිය Himandi Sehansa දූට ආශිර්වාද පතා තමයි අක්කා මේ පිංකම සිදුකලේ.
මැදිරිගිරිය ප්රදේශයේ ඇතුල් ගමක් වන යාය 4, හුණුගල්පිටිය ගමේ සුදර්ශනාරාමය කියන්නේ ගොඩක් අඩුපහසුකම් සහිත විහාරස්ථානයක්. එම පන්සලට අප මේ ජල ටැංකිය පූජා කලා.
අප විසින් සිදු කළ මෙම පරිත්යාගය බොහෝ සේ වටින බව විහාරාධිපති ස්වාමීන්පහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්රකාශ කළා. උතුම් සංඝරත්නය උදෙසා අවශ්ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්යකර්මයන් බවත් උන්වහන්සේ පැවසුවා. දැන් උන්වහන්සේලා හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සිදු කෙරූ උතුම් පරිත්යාගය හේතුවෙනි.
මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්යාගය හේතුවන් …..
ඔබගේ, ඔබේ ස්වාමිපුරුෂයා සහ ඔබේ දියණියගේ අනාගතය සාර්ථක වේවා. ඒ වගේම ඔබ දෙපළ නමින් මිය පරළොව ගිය පිං බලාපොරොත්තුවෙන් කෙනෙක් සිටීනම් මේ පිං බලයෙන් සැපවත් ආත්මයක් ලැබෙත්වා. කෙළවර උතුම්වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා.
ඔබගේ දියණියට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. ඔබලාගේ රැකියා කටයුතු ඇතුළු සියල්ල සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්ය සත්ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්යකර්මය හේතු වේවා….
මේ පිංකමට ශ්රම දායකත්වය දැක්වූ රොෂාන් මල්ලිට සහ චතුරංග මල්ලීටද බෙහෙවින්ම පිං…
අප සංචාරය කරන විට මුණගැසෙන අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට ජල ටැංකියක් හෝ වෙන ඕනෑම දෙයක් පූජා කිරීමට කැමතිනම් මැසේජ් එකක් එවන්න…
ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස් ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක් ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක් මඟුල් ලකුණු අනුහසින්
සවණක් ඝණ බුදුරැස් අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක් ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ, දියණියගේ සහ පවුලේ සියලු දෙනාගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක් දොම්නස් ද දුරුවේවා·
ඔබ සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
තෙරුවණ් සරණයි !!!
Project Water | Water for Temples
0 Comments