Select Page

ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ | 2019-BDU-PUT-0001

by | Aug 4, 2019 | ව්‍යාපෘති, සක්‍රිය ව්‍යාපෘති

ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ

එන්න අප හා එක් වන්න. ජාති ආගම් බේද නොසලකා අසරණ මිනිසුන්ගේ එක වේලක හෝ කුසගිනි නිවන්න සමාජ සත්කාර මානුෂිය මෙහෙයුම හා සෙනෙහසින් අත්වැල් බැද ගන්න දයාබර ඔබ සැමට සුහද ආරාධනා

ලුණුයි බතුයි වෙනුවට, පිළුණූ බත් වලට මිරිස් කුඩු කලවම් කර කන අසරණ දරුවෝ 

16473851 1209837699053571 5550389607983846687 n

මේ ගම මගේ ෆේස්බුක් මිතුරන්ට අරුමයක් නොවේ. පසුගිය අවුරුදු දෙකෙහිම අපි මේ අයට හැකි අයුරින් උදව් කලේ ඔවුන්ට ස්ථිරව කල හැකි උදව්වක් නොමැති නිසයි.  මගේ අලුත් මිතුරන් මේ කඳුළු බර කතාව කියවන්න.

දියතලාව, උමංකඳුර ගමට මම යනවිට කුඩා වැසිකිළියක් තරම් මුළුතැන්ගෙයක පොඩි දරුවෙක් ඇතිළියක බත් වගයක් දාගෙන හැඳිගානවා. ඒ බත් පිළුණූ වෙලා කියලා බැලූ බැල්මටම පේනවා. දරුවා ඒක ටිකක් වෙලා ෆ්‍රයිඩ් රයිස් හදනවා වගේ හැඳිගාලා ඒකට මිරිස් කුඩු බෝතලයෙන් මිරිස් කුඩු ගොඩක් හැලුවා. මං අහපුවහම කීවා බත් විතරක් කන්න බැරිනිසා සැරට කන්න මිරිස් කුඩු දැම්මා කියලා.

තමන් ජිවත් වන පොළොවේ අයිතියද ඔවුන් වෙත නැති මෙම මිනිසුන් ඉතාම අන්ත අසරණ මිනිසුන් පිරිසක් බව අපට වැටහී ගියා. කුඩා කටුමැටි නිවෙස් වල හා සාමාන්‍යයෙන් ඉදිකර ගත් තනි කාමරයේ නිවාස වල පවුල් දෙක තුනක් ජිවත් වන බව අපට පෙනී ගියා. එම ඉඩමේ අයිතිය රජය සතු කියා අවුරුදු ගානක් ජිවත් වූ එම ස්ථානයෙන් ඉවත් වීමට පවසා ඇති බව ඔවුන් අපට පැවසුයේ කදුළු සලමින්. තම දරු දැරියන් සමග යාමට තැනක් නොමැති නිසා මහපාරට වැටේ යයි ඔවුන් නිරතුරුවම සිතින් දුක් වෙමින් සිටින බව අපට පවසා සිටියා. තවද වැසිකිලි පහසුකම් හරිහැටි නොමැති බවත් ඒ සියලුම දෙනාගේ පානිය ජාල අවශ්‍යතාවය සපුරන ළිද පිරිසිදු තත්වයේ නොමැති බවත් අප නිරීක්ෂණය කළා. වසර 2ක් ගත වෙලත් තවමත් තත්වය එසේමයි.

සිංහල දෙමල මිනිසුන්ගේ සංකලනයක් වූ මෙම පිරිසට සිංහල භාෂාව හා ද්‍රවිඩ භාෂාව කතා කිරීමට හැකියාව තියෙනවා. අප විසින් ඔවුන්ගෙන් විමසා සිටියා අවශ්‍ය උදවු මොනවාද කියා. පළමු ඉල්ලීම ඇසුණු අපට දෙනෙත් වලට කදුළු ආවා. ඔවුන්ගේ පළමු ඉල්ලීම උනේ තම දරුවන් වෙනුවෙන් කුස පිරෙන්න ආහාරයක් ඔවුනට ලබා දීමට නොහැකි නිසා එම දරුවන් වෙනුවෙන් කෑම වේලක් ලබා දෙන ලෙසයි. කුමන ජාතියේ හෝ වේවා කුසගින්න හැමෝටම පොදුයි. එය ඉවසා ගන්න කවර ජාතියක කෙනක් වුවද අසීරු දෙයක්. ඇත්තටම ඔවුනට කුසගින්න හොදින් දැනෙන නිසා වෙන්න ඇති මෙලෙස සරල ඉල්ලීමක් අපෙන් කරන්න ඇත්තේ. පාසල් යන වයසේ ළමුන් මෙන්ම කුඩා ළදරු අවදියේ සිටින දරුවන් විශාල ගානක් දැකීමෙන් අපට එම ඉල්ලීම නොසලකා හරින්න බැරි උනේ ඒ දරුවන්ගේ අහිංසක මුහුණු වල තිබු අසරණ කම දැකීම නිසා අප හදවත් වලට දැනුනු දුක නිසා. චායාරුප දුටු පසු ඔබටද එලෙස සිතනු නොඅනුමානයි.

ළමුන් හා වැඩිහිටියන් 500-600ක පමණ පිරිසකට නිර්මාංශ ව්‍යංජන 5ක් සමග දිවා ආහාරය හා අතුරුපස ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් අපට ඊලග ප්‍රශ්නය වුයේ මෙතරම් පිරිසකට දිවා ආහාරය ලබා දෙන්නේ කොහෙද කියා. අසල ඇති කෝවිලක පුජක තුමෙක් අප කරන ක්‍රියාව දැක සතුටු වී එම කෝවිල් භුමියේ දිවා ආහාරය ලබා දීමට එක සිතින් කැමැත්ත පල කළා. තව දෙයක් මේ මිනිසුන් අපෙන් ඉල්ලා සිටියේ දානයක් මෙන් පිවිතුරුව දෙන මෙම ආහාරය නිර්මාන්ෂව ලබා දෙන ලෙසයි. එවිට එම ආහාරය ලබා දෙන පුද්ගලයන්ට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන බව කියා සිටියේ ඉතාම අහිංසකව. එම ඉල්ලීමටද අප ගොඩාක් පැහැදුනා.

අප විසින් ඔවුනට අපි උදවු කරන්නේ කොහොමද යන්න පැහැදිලි කළා. ඒ අනුව අප පවසා සිටියා ලෝකයේ සිටින ගොඩාක් මිතුරු මිතුරියන් මේ සඳහා උදවු කරන බව. එවිට අපි ඔවුන් තුලින් තව විශේෂ ලක්ෂණයක් දැක්කා. ඒ කොතරම් අගහිග කම් තිබුනත් කළගුණ සලකන්න අමතක නොකරන පිරිසක් බව. හේතුව වන්නේ ඔවුන් පවසා සිටියා ඒ උදවු කරන සියලුම දෙනා වෙනුවෙන් ඔවුන් දෙවියන්ට භාර වන බව. අප නැවත පැමිණෙන දින අදහන දෙවියන් කිරි වලින් නහවා ඔවුන් සියලුම දෙනා වෙනුවෙන් දෙවියන් උදෙසා විශේෂ පුජාවක් සිදුකර සියලු දෙනාටම ආශිර්වාද ලබා දෙන බවට. අපට ගොඩාක් සතුටුයි අපේ යහළුවන් වෙනුවෙන් එලෙස ආශිර්වාදයක් එක කරන්නට හැකි වීම ගැන.

මෙවර අප ඔවුන්ට එක් දිනක රසවත් කෑම වේලට අමතරව සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර, කිරිපිටි, පාසල් උපකරණ, සෙල්ලම්බඩු පමණක් නොව දීර්ඝකාලීන විසදුමක් ලෙස තෝරාගත් පවුල් කිහිපයක් වෙත ස්වයංරැකියා ලබාදීමටද බලාපොරොත්තුව වනවා. ඡායාරූප ඇල්බමයෙන්  පසු ඇති ව්‍යාපෘතියකට ඔබත් දායක වන්න. 

ඡායාරූප ඇල්බමය

ඡායාරූප ඇල්බමයේ සියලුම ඡායාරූප නැරැඹීමට පිළිවෙළින් ඉහත අංක හෝ Next යන්න ඔබන්න.

PROJECT DETAILS

උමංකදුර ව්‍යාපෘතිය 2019

Post Date : 2019 February 10
Project Code : 2019-FEB-BDU-0001
ව්‍යාපෘතියට මුදල් තැන්පත් කල හැකි අවසාන දිනය : 2019 February 24 (දින 14ක් ඇතුලත)

 

ඔබට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට තව ඇති දින ගණන

Day(s)

:

Hour(s)

:

Minute(s)

:

Second(s)

ව්‍යාපෘතිවලට සම්බන්ධවීම සඳහා උපදෙස්

ඔබේ කැමැත්ත පරිදි පහත ව්‍යාපෘතිවලින් එකක් හෝ කිහිපයක් තෝරා ගත හැක. අවශ්‍ය රූපය මත ක්ලික් කර අදාල උපදෙස් පිළිපදින්න. ව්‍යාපෘති කිහිපයකට සම්බන්ධ වන්නේ නම් ඒවා වෙන වෙනම තෝරා විස්තර සම්පූර්ණ කල යුතු අතර මුදල් තැන්පත් කිරීමේදී එකවර තැන්පත් කල හැක.  මුදල් තැන්පත් කිරීමට අවශ්‍ය ගිණුම් විස්තර ඔබට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පසු ඊලඟ තිරයේදී දිස්වේ. ඔබ සදහන් කරන ඊමේල් ලිපිනයටද  ස්වයංක්‍රීයව ලැබෙන අතර ඔබට තාක්ෂණික දෝෂයක් නිසා ඊමේල් එක නොලැබුනේනම් හෝ ඔබට පසු අවස්ථාවක සියලු ගිණුම් විස්තර ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ How to Donate යන්න තෝරන්න.

ඉහත ව්‍යාපෘති 6න් එකක් තෝරාගන්න. අවශ්‍ය රූපය මත ක්ලික් කර උපදෙස් පිළිපදින්න.

Contact Us

Ask a question or book an appointment below. For emergencies chat with us by clicking below “Chat / චැට් කරන්න – සමාජසත්කාර ගැන දැනගන්න” icon.

(94) 70 33 66 488

SamajaSathkara.lk, Koskolawatta, Hunuwala, Thulhiriya

info@samajasathkara.lk

0 Comments

පදනමට ආධාර කරන්න

සමාජසත්කාර.lk පදනම පවත්වාගෙන යාම සදහා මුල්‍යමය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරන්න (රු.25 – රු.500,000)

රු 0 of රු 500,000 raised

ඔබට හැකි අයුරින් සමාජසත්කාර පදනමට  ආධාර කල හැක. ඔබ කැමති මුදලක් සදහන් කල හැකි අතර නොඑසේනම් ඊට පහල ඇති මුදල් අගයන් සහිත බට්න් එකක් ඔබන්න.

සමාජසත්කාර.lk යනු 100% Facebook ඔස්සේ ක්‍රියාත්මක් වන ආයතනයකි. එය පවත්වාගෙන යාමට කරුණාකර ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න.

  • සමාජසත්කාර පදනමේ වැටුපක් ලබාදෙනුයේ රියදුරුට පමණි. ඒ සදහා මාසික වේතනය – රු.40,000
  • අපි අසරණ අය සොයාගෙන වසරකට ලෝකය වටේ තියෙන දුර මෙන් තුන් ගුණයක් (120,000KM+) සංචාරය කරනවා.
  • පෙට්‍රල් ලීටරයකින් දැනට යාහැකි සාමාන්‍ය දුර – 12-15km. පෙට්‍රල් ලීටරයක් රු.125
  • වසරකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 8000 (වියදම – රු.1,000,000)
  • මාසයකට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය දළ වශයෙන් – ලීටර් 666 (වියදම – රු.83,333)
  • පෙට්‍රල් සදහා රුපියලකින් හෝ දායකත්වය දක්වන්න.


සමාජසත්කාර සෙනෙහසේ වාහනය ෆේස්බුක් මිතුරු මිතුරියන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් වසර පහකදී නැවත ගෙවීමේ පදනම මත සිදුකල උතුම් පරිත්‍යාගයකි. එහි සියලුම කටයුතු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි. දවස් 365ම සමාජසත්කාර වෙනුවෙන් වෙන්කර ඇති අතර පෞද්ගලික භාවිතය 1% කි. 

  • Vehicle Service (Every 5,000km – Twice a month) – රු.32,000
  • ටයර් මාරු කිරීම (මාස 4කට වරක්) රු. 19,500 x 4 – රු.78,000

ඉහත කැමති ඕනෑම එකක් පහත “Donation for SamajaSathkara.lk Foundation” මෙනුවෙන් තෝරා ඔබ කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න.

පරිත්‍යාග මුදල හෝ අයිතම ප්‍රමාණය තෝරාගත් පසු “Confirm | තහවුරු කරන්න” බොත්තම ඔබන්න.

රු
Personal Info

Donation for SamajaSathkara.lk Foundation
Donation Methods - ආධාර ලබාදෙන ආකාරය
ඔබ මුදල් ආධාර ලබාදීමට බලාපොරොත්තු වන ආකාරය තෝරන්න. එය පසුව වෙනස් වූවාට ප්‍රශ්නයක් නොමැත. ආධාර ලබාදෙන ක්‍රමයක් තෝරාගැනීමට පෙර අවශ්‍යයිනම් පමණක් ඒවා පිළිබඳව වැඩි විස්තර දැනගන්න - Donation Methods

ඊලග තිරයේ ඔබට බැංකු ගිණුම් විස්තර දිස්වෙනු ඇති. නොඑසේනම් පසුව එය ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ Menu එකට පිවිස How to Donate යන්න තෝරන්න. ඔබගේ රිසිට් පත සොයාගැනීමට අපහසුනම් ඔබගේ ඊමේල් එකෙහි SPAM ෆෝල්ඩර් එක පරීක්ෂා කරන්න.

ඊමේල් එකෙහි  සදහන් Payment ID එකෙහි අවසන් ඉලක්කම් 4 ඔබගේ තැන්පතු පතෙහි Reference එක ලෙස යොදන්න කාරුණික වන්න. එය ඊමේල් එකෙහි සොයාගැනීමට අපහසු නම් 0703366488 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "Confirm My Donation" බොත්තම ඔබන්න.

 

Terms

Donation Total: රු 25

{amount} donation plus {fee_amount} to help cover fees.