මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට...
මීට ටික කලකට ඉහතදී Samajasathkara.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා. යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ. ඒත් අංශභාගය නිසා මේ තාත්තා...
මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ. හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. අම්මගේ ඇස් පේන්නේ නැහැ. අංශභාගේ හැදිලා ඉන්නේ. අඩු තරමේ සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. අපි මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය යටතේ සමාජසත්කාර.lk ද තේරිපත් වූ බව සතුටෙන් දැනුම් දෙමු. ෆේස්බුක් සහ තාක්ෂණය භාවිතා කරමින් රටේ වෙනසක්...
මාගේ ෆේස්බුක් මිතුරියක් වන Kanchana Samanmali Samarasinghe අක්කාගේ ආදරණීය පුතු Matteo siriwardhana ගේ උපන්දිනය වෙනුවෙන් අක්කා පිංකම් කිහිපයක් සිදුකලා. අද කාලයේ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරමින් උපන් දින සාද පවත්වන සමාජයක ඔයාලා වගේ ආදර්ශමත් දෙමාපියන් ලබන්න ඔයාලාගේ පුතා වාසනාවන්ත උනා කියලා මට හිතෙනවා....
මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ...
මේ ඉන්නේ H.M. සුගතපාල (60), K.M. සුමනාවතී (52) සහ දියණිය අනූෂා ප්‍රියදර්ශනී (30). මේ දෙපළගේ දියණිය යම් මානසික ආබාධයකින් පෙළෙනවා. මව් පිය සෙවණේ සිටියද ඇය මේ වනවිට තිස් වැනි වියෙහි පසු වන තරුණියක්. නමුත් ඇයට රැකියාවක් කරන්නට තරම් මානසික තත්වයක් නොමැතිකමින් නිවසේ එදිනෙදා ආදායම සොයාගන්නෙ මේ පියා...
පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. “දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා” කියලා උන්වහන්සේ කීවා. පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව පන්සලට වැඩම කරවූ අතර...
සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා. අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට...
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා. උන්වහන්සේට නැවත පෙනීම...